ORDERED LIST AND UNORDERED LIST
මෙහිදී අපි කතා කරන්න අලපොරොත්තු
වෙන්නේ ජේදයක් නිර්මාණය කිරීමේදී අපට යම් යම් කරුණු හා අංග නිරුපණය කිරීමට තරු සලකුණු
හෝ අංක යෙදීමට සිදුවෙනවා.මෙවැනි අවස්ථාවකදී අපි කොහොමද html code එකක් ලියන්නේ කියල
අද මෙම පාඩමෙන් ඔයාලට දැනගන්න ඉගෙනගන්න පුළුවන්..
හ්ම්ම්..එතකොට මොනාද මේ ordered
සහ unordered කියන්නේ.ඒ කියන්නේ පිළිවෙලක් සහ අපිලිවෙලකට ඇති ගොනුවක්..ordered
list වලින් අපිට පුළුවන් අංක පිළිවෙලට list එකක් නිර්මාණය කරන්න..
උදා-: 1. Name
1.1. First Name
1.2. Last name
2.
School
2.1. School Name
2.2. Study Year
3.
Address
3.1. Street Name
3.2. Town Name
3.3. State
එමෙන්ම unordered list එකකින්
පුලුවන් bullet එහෙම නැත්නම් බෝල සලකුණු යොදා අපේ කරුණු ගොනුවක් නිර්මාණය කරන්න.
උදා-:
·
Name
·
School
·
Address
හරි එහෙනම් දැන් බලමු අපි
html code එක නිර්මාණය කරන ආකාරය..
ordered list එකක් නිර්මාණය
කිරීමට අපි html වලදී <ol> ටැග් එකද unordered list එකක් නිර්මාණය කිරීමට <ul>
ටැග් එකද භාවිතා කරනවා.එමෙන්ම list ඒක අඩංගු
වන කරුණු ඇතුලත් කිරීමට <li> ටැග් එක භවිතා කරනවා.
<html>
<head>
<title>Ordered
List</title>
</head>
<body>
<p>This is Ordered
list</p>
<ol>
<li>Name</li>
<li>Address</li>
<li>School</li>
</ol>
<p>This is
Unordered list</p>
<ul>
<li>Name</li>
<li>Address</li>
<li>School</li>
</ul>
</body>
</html>
ඉහතින් දැක්වෙන්නේ අපි සකස් කල list වල වෙබ් පිටුවේ නිරුපණය වන ආකාරයයි..එහෙනම් ඔයාලත් උත්සහ කරලා බලන්න..එලට ඉගෙනගන්න..ජය වේවා!
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..