සරල ජේදයක් නිර්මාණය කරන ආකාරය
අප කලින් සදහන් කල පරිදි
වෙබ් පිටුවක ජේදයක් නිර්මාණය කිරීමට <p> ටැග්/element එක භාවිතා කරයි.සෑම
ජේදයක් නිර්මාණය කිරීමේදී ඉහි ආරම්භය <p>(open ටැග්) වලින්ද අවසානය
</p> (close ටැග්) එකකින්ද සමන්විත වන අතර ජේදය තුල අඩංගු වන සියලුම කරුණු
මෙම open හා close ටැග් තුල තිබිය යුතුය.එමෙන්ම ජේදයක් නිර්මාණය කිරීමේදී එහි
විරාම ජේද වෙන් කිරීම් වැනි අංග පවතින අතර එම අංග එක් කිරීමද මෙම open හා close ටැග්
දෙක තුල සිදු කල යුතුය.පහත ලෙස අපට සරල ජෙදයක් නිර්මාණය කර ගත හැකිය.
<html>
<head>
<title>My First Web Page</title>
</head>
<body>
<p>Welcome
To My Web Page! Welcome To My Web Page!
Welcome To My
Web Page! Welcome To My Web Page!
Welcome To My
Web Page! Welcome To My Web Page!
</p>
</body>
</html>
ඉහත ලෙස අපගේ වෙබ් පිටුව නිර්මාණය වී ඇති ආකාරය දිස්වේ.
මෙලෙස ජේදයක් නිර්මාණය කිරීමේදී line break යෙදීමට එනම්
ජේද වෙන් කිරීමට <br/> ටැග් එක භාවිතා කරයි.මෙලෙස <br/> ටැග් යොදා
නැවත අප නිර්මාණය කර බලමු.
<html>
<head>
<title>My First Web Page</title>
</head>
<body>
<p>Welcome
To My Web Page! Welcome To My Web Page!<br/>
Welcome To My
Web Page! Welcome To My Web Page!<br/>
Welcome To My
Web Page! Welcome To My Web Page!<br/>
</p>
</body>
</html>
මෙලෙස අපට අවශ්‍ය පරිදි පේළි අතර විරාම තැබීමට
<br/> (break) ටැග් එක භාවිතා කල හැකිය.ඔබත් උත්සහ කර බලන්න.
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..