Basic HTML(මූලික HTML)
HTML ලිපියක අන්තර්ගතය
පහත ආකාරයේ වේ.මෙම ආකෘතිය සියලුම HTML ලිපි ගොනුවකටම පොදු වේ.
|
<!doctype html> -මෙම ටැග් එක මගින් අදාල ලිපි ගොනුව කුමන වර්ගයකට එනම් එය html ලිපි ගොනුවක් බව අදාල වෙබ් browser එකට හදුනා ගැනීමට භාවිතා කරනු ලබයි.. |
<html> - සෑම html
ලිපියක්ම ආරම්භ වන්නේ මෙම ටැග් ඒක මගිනි.එමෙන්ම අවසානයද </html> closed ටැග්
එකකින්ද සමන්විත වේ..
<head> - මෙමගින්
අපගේ වෙබ් පිටුවේ මාතෘකාව නිරුපණය කරනු ලබයි..එමෙන්ම මෙම ටැග් එක තුල අප යොදනු ලබන
css මෙන්ම javascript සියල්ලද සටහන් කරනු ලබයි..
<title> - වෙබ්
පිටුවේ මාතෘකාව යෙදීමට භාවිතා කරයි..
<body> -
අන්තර්ගතය මෙම ටැග් එක තුල පවතී.එනම් සියලුම code ලිවීම මෙම ටැග් එක තුල සිදු කරනු
ලබයි.
සියලුම ටැග්
හෝ element එකකම open හා claose ටැග් එකක් පවතී..
HTML වල ගුණාංග
- කැපිටල් හා සිම්පල් අකුරු සඳහා සංවේදී (Case sensitive)නොවේ.එනම් කැපිටල් මෙන්ම සිම්පල් අකුරුද කෝඩ් ලිවීම සදහා භාවිතා කල හැකිය.
- Graphics, animation භාවිතා කල හැකි වීම.
- සරල හා පහසුවෙන් වටහා ගත හැකි වීම.
පළමු වෙබ් පිටුව (First Web Page)
Notepad++ open කරගන්න.
Go fileàNew
එම file එක
filename.html ලෙස save කරගන්න.
දැන් පහත ලෙස code type
කරන්න..
|
ඉන්පසුව file එක save කරන්න..
ඉහල මෙනුවේ ඇති run icon එක click කරන්න..එවිට එන
ගොනුවෙන් ඔබගේ පරිගණකයේ ඇති වෙබ් browser එක තෝරන්න..එවිට පහත ලෙස ඔබගේ වෙබ් පිටුව
නිර්මාණය වී දිස්වේ..
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..