SQLite යනු පරිගණක දත්ත ගබඩා (Database) නිර්මාණය කිරීමට
යොදා ගන්නා පද්ධතියකි.එනම් Database Engine එකකි.SQLite වල විශේෂත්වය නම් එය serverless
(සර්වර් එකක් අවශ්‍ය නොවේ), self-Contained(ස්වයං ක්‍රියාකාරී), zero-configuration (මෙහෙයවීමක්
අවශ්‍ය නොවීම).
SQLite හි විශේෂ ලක්ෂණ
- ක්‍රියාත්මක කිරීමට ඊට අනුබද්ධිත සර්වර් එකක් හෝ පද්ධතියක් අවශ්‍ය නොවීම.
- සැලැස්මක් (System) හෝ සංවිධානයක් හෝ පරිපාලනයක් (adminstration) අවශ්‍ය නොවීම.
- සම්පුර්ණ දත්ත ගබඩාවම තනි ලිපිගොනුවක් තුල (cross-platform disk file) අඩංගු වීම.
- ප්‍රමාණයෙන් ඉතා කුඩා හා සැහැල්ලු වීම.එය සාමාන්‍යයෙන් 400KiB හෝ 250KiB අතර අගයක් වීම.
- ස්වයං ක්‍රියාකාරිත්වයක් පැවතීම.එනම් බාහිර සම්බන්දතාවක් නොමැති වීම.
- ANCI- C භාෂාවෙන් නිර්මාණය කර ඇති අතර API(Application Program Interface) සමඟ පහසුවෙන්ක්රියා කල හැකි වීම.
- ACID සැලැස්මට(Property) අනුව ක්‍රියා කිරීම.(ACID Property – Atomicity,Consistency,Isolation and Durability)
- UNIX (Linux,Mac-OS,Android,iOS) හා Windows (Win32,WinRT,WinCE) යන මෙහෙයුම්පද්ධති සමග භාවිතා කල හැකි වීම.
ඉතිහාසය (History)
- 2000 වර්ෂයේදී D.Richard Hipp විසින් SQLite නිර්මාණය කරන ලදී.
- 2000 වර්ෂයේ අගෝස්තු මස එහි පළමු සංස්කරණය GNU Database Manager එක සමඟ නිකුත් කිරීම.
- 2011 වර්ෂයේදී Hipp විසින් UNIQ අතුරුමුහුණත (Interface) SQLite සඳහා එකතු කරන ලදී.
SQLite හි සීමාවන් (Limitations
- LEFT OUTER JOIN පමණක් පැවතීම.
- FULL OUTER JOIN හා RIGHT OUTER JOIN නොමැතිවීම.
- DROP COLUMN , ALTER COLUMN , ADD CONSTRAINT සදහා සහය නොදැක්වීම.
- Triggers සඳහා FOR EACH STATEMENT සහාය නොදැක්වීම.
- VIEWS භාවිතා කර දත්ත කියවීම පමණක් සිදු කල හැකි අතර දත්ත මැකීම (DELETE) , වෙනස් කිරීම (UPDATE) හා ඇතුලත් කිරීම (INSERT) කල නොහැකි වීම.
SQLite Commands (විධාන)
·
SQLite හි විදානයක් SQL වලට බොහෝ සමාන වේ.
- CREATE
- SELECT
- INSERT
- UPDATE
- DELETE
- DROP
ඉහත විදානයන් පහත පරිදි
ඛාණ්ඩ කල හැකිය.
·
Data Definition
Language (දත්ත විස්තර කිරීමේ භාෂාව)
- CREATE
- ALTER
- DROP
·
Data Manipulation
Language (දත්ත හැසිරවීමේ භාෂාව)
- INSERT
- UPDATE
- DELETE
·
Data Query Language
(දත්ත නිරුපණය කිරීමේ භාෂාව)
- SELECT
niyamayi machan
ReplyDeleteThanks Govi..
DeleteEla macho
ReplyDeleteThank you so much koli.
Deletepatta macho . .
ReplyDeleteThanks Ridmal.
Deletepatta rosha.... :D
ReplyDeleteThanks You too..
Delete