මෙහිදී සරල jsp පිටුවක් නිර්මාණය කිරීම පිළිබඳව සහ එමගින්
යම් දල අදහසක් ලබා ගැනීමට හැකි ය.ඒ සඳහා පළමුව පහත
දැක්වෙන පරිදි html කේතයන් ඔබ කැමති Text Editor(කේත සංස්කාරකය) එකක් භාවිතා කර කේතනය
කර එම ලිපිය(file) .jsp
(Extension) ගොනුවක් ලෙස
ගබඩා(save) කරන්න.
__________________________________________________________________________
<html>
<body>
<% out.print(2*3); %>
</body>
</html>
____________________________________________________________
</html>
____________________________________________________________
ඉහත ආකාරයට save කර ගන්නා ලද ගොනුව
අප index.jsp ලෙස save කර එය Apache සරවර් එකක්
භාවිතා කරයිනම් web-apps ඩිරෙක්ටරිය
තුල ඔබට හදුනා ගැනීමට පහසු වන ආකාරයට නව ලිපි ගොනුවක් (New Folder) තුල ගබඩා කර
අදාල jsp පිටුව ධාවනය කර බැලීම
සදහා සුදානම් කර ගත හැකිය.මෙහිදී අප
භාවිතා කර ඇති ඩිරෙක්ටරිය පහත ලෙස වේ.
C:\Program Files\Apache Software Foundation\Tomcat 8.0\webapps\ROOT\myapp\index.jsp
ඉහත ලෙස ඔබ
කැමති නව ෆෝල්ඩරයක් තනා එය තුලට ඉහත සදා ගන්නා ලද index.jsp ලිපි ගොනුව
ඇතුලත් කර ධාවනය කිරීම සදහා සකස් කර ගත හැකිය.මෙහිදී අප නව
ෆෝල්ඩරයක් නිර්මාණය කරගැනීමට හේතුව අදාල ROOT ගොනුව තුල ද index.jsp ලිපි ගොනුවක්
ඇතුලත්ව ඇති බැවිණි.එය Apache සරවර් එක
මගින් නිර්මාණය කර ඇති ගොනුව
වේ.
jsp පිටුව ධාවනය
කිරීම සදහා ඔබගේ Apache server එක ක්‍රියාත්මක
කර වෙබ් බ්‍රව්සරය විවෘත කර අදාල ලිපි
ගොනුව localhost හි ධාවනය කරන්න.ඒ සඳහා පහත
ලෙස ටයිප් කරන්න.
localhost:portnumber/Context-root/index.jsp
ඉහත නිර්මාණය
කරන ලද ලිපි ගොනු ඩිරෙක්ටරියට අදාලව එය පහත පරිදි වේ.
localhost:8080/myapp/index.jsp
එවිට ප්‍රතිධානය
ලෙස ඔබට වෙබ් බ්‍රව්සරය තුල “6 “නිරූපණය වේ.
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..