ඩිරෙක්ටරි සැලසුම යනු? (What is Directory Structure?)
ඩිරෙක්ටරි සැලසුම යනු අප නිර්මාණය කරනු ලබන jsp පිටු අඩංගු
වන ලිපි ගොනුව එනම් webapp තුල අදාල ලිපි අන්තර්ගත වී ඇති ආකාරය යි.මේ සඳහා jsp හි
ඊට පොදු වූ සැලසුමකට අනුව අදාල ලිපි ගොනු කර ඇත.එය පහත පරිදි කැටි කර දැක්විය
හැකිය.එමගින් අප නිර්මාණය කරනු ලබන සියලුම ලිපි කළමනාකරණය කිරීම සහ අපගේ කාර්යයන්
පහසු ලෙස කර ගැනීමට දායකත්වයක් සපය යි.
ඉහත දැක්වෙන පරිදි jsp
ඩිරෙක්ටරිය අනුගමනය කිරීම සාමාන්‍ය පිළිවෙත වුවද ඔබගේ නිර්මාණය කරන්නා වූ jsp
පිටුවට අදාලව class හෝ tld ලිපි අඩංගු නොවේනම් ඉහත සැලැස්මට අනුව ලිපි කළමනාකරණය
කිරීම අත්‍යාවශ්‍ය නොවේ.
උදාහරණයක් ලෙස අප
නිර්මාණය කරනු ලබන සරල jsp පිටුවක් නව ගොනුවක්(new folder) තුල බහා එය ධාවනය කර
බැලිය හැකිය.මන්ද එහි jsp class හෝ tld
ලිපි අන්තර්ගත නොවන බැවිණි.
ඉහත ඩිරෙක්ටරිය ඔබගේ
පරිගණකයේ බලා ගැනීමට Apache server එක ස්ථාපනය කිරීමෙන් පසු පහත දැක්වෙන ගොනු තුලට
ගොස් jsp ලිපි අන්තර්ගත වන ආකාරය නිරීක්ෂණය කල හැකිය.
C:\Program Files\Apache Software
Foundation\Tomcat 8.0\webapps\ROOT
ROOT ෆෝල්ඩරය තුල අදාල
සියලුම ලිපි අන්තර්ගත වේ.
සරල jsp පිටුවක් නිර්මාණය කරනු ලබන ආකාරය මීළඟ පාඩමෙන්
බලාපොරොත්තු වන්න.
SOURCE ==> www.javatpoint.com
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..