C ක්‍රමලේඛණ භාෂාව කුඩා සහ වේගවත්(Small &
Fast) වැඩසටහන් නිර්මාණය කිරීම සදහා සකස් කරන ලඳ පරිගණක භාෂාවකි.එය අනෙක් භාෂාවන්
සමඟ සසදන විට ප්‍රාථමික මට්ටමේ(Low-Level) ක්රමලේකණ භාෂාවකි.එනම් C භාෂාව මගින්
නිර්මාණය කරනු ලබන කේත පරිගණක භාෂාවට(Machine Language) බොහෝ දුරට සමාන වේ.තවද බොහෝ
මෙහෙයුම් පද්ධති මෙම භාෂාව යොදාගෙන නිර්මාණය කර ඇත.
C ක්‍රමලේඛණ භාෂාව ක්‍රියා කරන ආකාරය (The Way C
Works)
පරිගණකයකට ඇත්තටම කියවිය හැක්කේ එකම එක භාෂාවක්
පමණි.ඒ පරිගණක කේතයි(Machine Code). පරිගණක භාෂාවක ඇත්තේ 1 හා 0 යන ඉලක්කම් දෙක
පමණි.එනම් පරිගණක භාෂාව ද්විමය භාෂාවකි.අප නිර්මාණය කරනු ලබන ඕනෑම කේතයක් පරිගණකය
මගින් කියවීමට එය පරිගණක භාෂාවට පරිවර්තනය කල යුතුය.එය අප සම්පාදනය කිරීම(Compile)
ලෙස හදුන්වනු ලැබේ.එය සිදු කරනුයේ සම්පාදකයක්(a Compiler) මගිණි.