C ක්‍රමලේඛණ භාෂාව කුඩා සහ වේගවත්(Small &
Fast) වැඩසටහන් නිර්මාණය කිරීම සදහා සකස් කරන ලඳ පරිගණක භාෂාවකි.එය අනෙක් භාෂාවන්
සමඟ සසදන විට ප්‍රාථමික මට්ටමේ(Low-Level) ක්රමලේකණ භාෂාවකි.එනම් C භාෂාව මගින්
නිර්මාණය කරනු ලබන කේත පරිගණක භාෂාවට(Machine Language) බොහෝ දුරට සමාන වේ.තවද බොහෝ
මෙහෙයුම් පද්ධති මෙම භාෂාව යොදාගෙන නිර්මාණය කර ඇත.
C ක්‍රමලේඛණ භාෂාව ක්‍රියා කරන ආකාරය (The Way C
Works)
පරිගණකයකට ඇත්තටම කියවිය හැක්කේ එකම එක භාෂාවක්
පමණි.ඒ පරිගණක කේතයි(Machine Code). පරිගණක භාෂාවක ඇත්තේ 1 හා 0 යන ඉලක්කම් දෙක
පමණි.එනම් පරිගණක භාෂාව ද්විමය භාෂාවකි.අප නිර්මාණය කරනු ලබන ඕනෑම කේතයක් පරිගණකය
මගින් කියවීමට එය පරිගණක භාෂාවට පරිවර්තනය කල යුතුය.එය අප සම්පාදනය කිරීම(Compile)
ලෙස හදුන්වනු ලැබේ.එය සිදු කරනුයේ සම්පාදකයක්(a Compiler) මගිණි.
කේතය
සම්පාදකය ප්‍රතිදානය
අප කේත ලිවීමෙන් අරඹන මෙය එම කේතයන් මිනිසාට
පමණක් කියවිය හැකි ගණයේ එවා වේ.පසුව අප ලියු කේතයන් සම්පාදකය මගින් සම්පාදනය කිරීමේදී
සම්පාදකය මගින් එහි වැරදි තිබේදැයි පරික්ෂා කරනු ලැබේ.තවද එහි අප විසින් ඇතුලත්
කරන ලද අර්ථ කථනයන් ද ඉවත් කරනු ලැබේ.ඉන්පසුව එම කේතය සම්පාදනය කරනු ලැබේ.එවිට එම
සම්පාදකය මගින් නව ගොනුවක් සාදන අතර එය සම්පුර්න කරන ලද ලිපියක් බවට පත් කරයි.එය executable
file ලෙස හදුන්වයි.එහි පරිගණක භාෂාව අඩංගු වන අතර එය 1 හා 0 වලින් පමණක් සමන්විත
වේ.එය පරිගණකයට කියවිය හැකි බැවින් අපට එය පරිගණක තුල ක්‍රියාත්මක කල හැකිය.
0 comments:
Post a Comment
ඔබේ අදහසත් කියලම යන්න..